adisham bungalow
Adisham Bungalow
බදුල්ල කොළඹ පාරේ හපුතලේ ටවුන් එකේ ඉදන් වැලිමඩ පාරේ ටික දුරක් ඇවිල්ලා තංගමලේ අභය භූමිය මැදින් ගියාම මේ අති සුන්දර ඇඩිෂම් බංගලාව දැක බලා ගන්න පුළුවන්.පාරනම් එච්චරම හොද නෑ.ඒත් මේ වගේ ලස්සන තැනක් මග අරින්න හොද නෑ.
ඉංග්‍රීසි ජාතික සර් ලෙස්ටර් තොමස් විලස් ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිෂම් කියන ගමේ තමයි ඉපදිලා කියෙන්නේ.එයා 1887 අවුරුද්දෙදි ලංකාවට ඇවිත් මේ හදපු මංදිරේට ඇඩිෂම් කියලා නම දාලා තියෙන්නේ තමන්ගේ ගම සිහිවීම පිණිසලු.
තෝමස් ලෙස්ටර් විලස් මහතා ලංකාවට ඇවිත් තියෙන්නේ ලංකාවෙන් තේ ගෙනියන්න එන නැවක නැගලා. එයා ගෙදරින් පැනලා මෙහෙම එනකොට වයස අවුරුදු 17ක් විතරයිලු.ඔහු නිවසින් පැන එද්දී පවුම් 10ක් වගේ සුලු මුදලක් අරගෙන ආව කියලා තමයි කියන්නේ.ඊට පස්සේ ක්‍රමයෙන් තේ ආශ්රිත කර්මාන්ත්යේ යෙදිලා මුදල් හොයාගෙන තමයි ඇඩිෂම් මංදිරය හදලා තියෙන්නේ.කොහොම හරි ලංකාව නිදහස ලබාගැනීමෙන් පස්සෙ විදේශිකයන්ට මෙරටින් පිටව යාමට සිදු වු නිසා තෝමස් මහතා මේ දේපල සේදවත්ත කියලා කොම්පැනියකට විකුණලා.ආයෙත් 1960 අවුරුද්දෙදි මේ මංදිරය රෝමානු කතෝලික සභාවට අයත් බෙනඩිකානු නිකායේ පියතුමන්ලා හට දේව ධර්මය පුහුනු කරන මධ්‍යස්ථානයක් ලෙස මෙම මංදිරය මිලට අරන්.එතැන් සිට මේ වන තුරුත් බෙනඩිකානු තාපසාරාමයක් වශයෙන් තමයි ඇඩිෂම් මංදිරය භාවිතා වෙන්නේ.
මේ මංදිරය හදන්ඩ මුල් ගල් තියලා තියෙන්නේ 1927 වසරෙදී.1931 වෙනකොට මංදිරය හදා නිම කරන්නත් හැකි වුනාලු.මේක හදන ඉංජිනේරුවන් එංගලන්තයෙනුත්.කම්කරුවන් උතුරු ඉංදියාවෙනුත් ගෙන්වාගෙන තියෙන්නේ.මංදිරය ගොඩනගන්ඩ අවශ්‍ය වුනු කපා ඔප මට්ටම් කල කලු ගලුත් ගෙන්වලා තියෙන්නේ එංගලන්තෙන්.මේකේ වහල හදලා තියෙන්නේ බුරුම තේක්ක ලී වලින් සාදපු විශේෂිත උලු වර්ගයකින්.මේකෙ පියගැට පෙල හදලා තියෙන්නේ එංගලන්තේ බකින් හැම් පැලස් එකේ පිය ගැට පෙලේ ආකාරයට.ඒකට දැව ඕක් ගෙනත් තියෙන්නෙත් එංගලන්තෙන්.ඉස්සර කාලේ මේ පැත්ත හුඟක් කැලේලු.පාරක්වත් නැති මේ කෑලෑ පෙදෙසට මේ ඕක් කඳන් ගෙනාපු එක විශ්මය දනවන්නක් කියලයි කියන්නේ.මංදිරයට අවශ්‍ය බුමුතුරුනු පර්සියාවෙනුයි ගෙනැල්ල තියෙන්නේ.මෙහි තියන සමහර සෝෆා ඔටු හමෙන් නිර්මානය වෙලා තියෙන්නේ.විවිධ වු ගෘහ භාන්ඩ අලංකාරව නිමවලා තියනවා.ඒ වගේම මෙහි තියන පුස්තකාලයේ තිබෙන ඇතැම් පොත්පත් වසර 500කට වඩා පැරනි ඒවා.මෙහි පිහිටි සුලං කවුලු තුලින් හමන සුලග විශේශිත නල මගින් ගමන් කරවා එවා ගිනි උඳුන තුලට යවලා ඒ වායු ධාරා මගින් කාමර උනුසුම් කරන දියුනු ක්‍රමවේදය නම් විශ්මයජනකයි.
ඇඩිෂම් මංදිරේ තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් වෙන්නෙ බොයිලේරුව පිහිටි කාමරය.ඉහල කදු මුදුනේ ඉදං පයිප්ප මගින් පොම්ප කරන ජලය ඉහල මාලයට පවා පොම්ප කරන්න පුලුවන් ආකාරයෙන් තමයි හදලා තියෙන්නේ.ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව.
ඇඩිෂම් මංදිරයේ තියෙන ප්‍රධානතම අංගයක් තමයි තෝමස් මහතාගේ රුව සහිත චිත්‍රය.ඩේවිඩ් පේන්ටර් කියන ඉංග්‍රීසි ජාතිකයා තමයි මේ පිංතූරේ ඇදලා තියේන්නේ.ඩාවිංචිගෙ මෝනාලිසා චිත්‍රය වගේම මේ පිංතුරෙත් අපි යන දිහාවට හැරෙනවා.ඒ වුනාට මෝනාලිසා චිත්‍රයට වඩා සුවිෂේශී භාවයක් මේ චිත්රයේ තියෙනවා.ඇ තමයිමේ චිත්රයේ ඇස් විතරක් නෙවෙයි,මුලු පුද්ගලයාම යන යන අතට හැරෙනවා.ඒවට අමතරව තවත් චිත්‍ර 16ක් මෙහි සුරක්ශිතව තැන්පත් කරලා තියෙනවා.
ඒ වගේම මේ උද්‍යානයේ ලස්සනට මල් සහ පළතුරු වවලා තියෙනවා. ඒ පළතුරු වලින් කරපු විවිධ නිෂ්පාදන අලවි සැලකුත් මේ මන්දිරයට යාබදව තියෙනවා.ඒවා විකුණලා ගන්න ආදායමින් තමයි මේ සුන්දර මන්දිරය නඩත්තු වෙන්නේ.
මේ සුන්දර ඇඩිෂම් බංගලාවේ adisham bungalow කාටහරි ඕනෙනම් නවාතැන් ගන්න පුළුවන්. කතෝලික පුජකවරයෙක්ගේ ලියුමක් අරං ගියොත් මේ නවාතැන් පහසුකම් සලසාගන්න පුළුවන්.උණුවතුර සහ සියලුම පහසුකම් වගේම ආහාර පාන සමග එක් පුද්ගලයෙකුට රු 2500/= ක් මෙතන අය කරනවා.දරුවකුගෙන් රුපියල් 2000/= ක් දවසකට අය කරනවා.හැබැයි මේ පරිශ්‍රයේ මත්පැන් සහ දුම්වැටි පාවිච්චි කරන්න අවසර නෑ. ඒ වගේම කෑ කෝ ගහලා සිංදු කියන්නත් බෑ. බොහොම සන්සුන් විදිහට නිස්කලංකව රැයක් ඉන්න කියාපු තැනක් තමයි ඇඩිෂම් බංගලාව. අමතක කරන්න එපා අඩුම ගානේ සති 3කට වත් කලින් මෙතන වෙන් කර ගන්න වෙනවා. මේ ගැන 057-2268030 / 077-4374050 දුරකථන අංකයෙන් වගේම www.adisham.org වෙබ් අඩවියෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
The post Adisham Bungalow of Haputale Sri Lanka appeared first on imagesrilanka.com.