Quantcast
Channel: Image Sri Lanka | Actress, Models & Girls
Viewing all articles
Browse latest Browse all 291

Demodara Nine Arch Bridge Ella Sri Lanka

$
0
0

Demodara Nine Arch Bridge

දෙමෝදර පාලම

Demodara Nine Arch Bridge

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත.
මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇත.
එම අවස්ථාවේ මේ පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත.
මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ කනුවල උස අඩි 97ක් වන අතර ආරුක්කුවක පළල අඩි 24යි අගල් 6ක් වේ. පාලම ආසන්නයේම අංක 40 දරණ බිංගෙයද පිහිටා ඇත.

Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridge Demodara Nine Arch Bridgeකොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර කීදෙනෙක් නම්  ඇවිත් ගිහිං ඇතිද ? නමුත් කොළඹ හා බදුල්ල අතර දුම්රිය මාර්ගයේ තියෙන  විශෞෂ දේවල් ගැන දන්නේ කීයෙන් කී දෙනාද ?

ඒ නිසා තමයි අපි දෙමෝදර ආරුක්කු 9 demodara nine arch bridge පාලම ගැන අවධානය යොමු  කරන්නේ.

නමුත් මෙම ආරුක්කු 09 දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වෙලා තියෙන්නේ  ඉංජිනේරු තාක්ෂණය නොදත් මළපොතේ අකුරක්වත් නොදන්නා  වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී. කේ. අප්පුහාමි නම් ගැමියකු යැයි කීවොත් ඔබ පිළිගන්නවා ද?

කදුකරයේ තේ  කෝපි ආදි භෝග හිටවපු සුද්දා ඒ ටික ඉක්මනට කොළඹට ගෙනියන්න තමයි ඔය බදුල්ල කොළඹ දුම්රිය පාර දාන්නේ. එහෙම නැතුව මේ ජනතාවට තියෙන ආදරේකට නෙවෙයි.මේ විදිහට කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර දුම්රිය මාර්ගය යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කරලා තියෙනවා.

දැවැන්ත පාලමක් ඉදිකළයුතු නිසා  මේ සඳහා යකඩ එංගලන්තයෙන් ගෙන්වලා තියෙනවා.මෙහෙම අරං ආපු යකඩ පාලමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දැරුවා කියලයි කියන්නේ. එම අවස්ථාවේ එම දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටි පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කරල තියෙනවා. මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක්  කියලා තමයි කියන්නේ.

මේ  පී. කේ. අප්පුහාමි නම් ප්‍රායෝගික දැනුම් සම්භාරයක් හා දක්ෂතා වලින් පිරි ගැමියා දුම්රිය මාර්ගය ඉදිකිරීමට සම්බන්ධවුන කතාව රසවත් එකක්තොවිල් පළ නැටුමට හා බෙර වැයීමට ආශාවක් දක්වා ඇති පී. කේ. අප්පුහාමි කළු පහන ප්‍රදේශයේ තොවිල් පළකදී තරගයට නටන්න ගිහිං එයින් පරාජය වෙලා ලැජ්ජාව ඉවසා ගත නොහැකිව තොවිල් පළෙන් පලා ගිහින් තියෙනවා. තොවිල් ඇඳුමින්ම පලා ගිය අප්පුහාමි රාත්‍රියේ ඉදිවෙමින් තිබුන  ඔහිය දුම්රිය මාර්ගය දිගේ ගිහිල්ලා. කකුල් වල  බැඳලා තිබුණ  ගෙජ්ජි හඬත් තොවිල් පළ
ඇඳුමින් සැරසී සිටින අයකු දැකීමෙන් දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටි පිරිස ළන්තෑරුම් එළියෙන් දැක බියට පත්වුනා කියලා කියනවා.

තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම එහි සිටි පිරිසට අප්පුහාමි කිව්වට පස්සේ   දුම්රිය මඟ සැකසීමේ නියැළි සිටි සුදු ජාතික ඉංජිනේරුවරයා තමන් යටතේ දුම්රිය මඟේ වැඩවලට එක්වන ලෙසට දන්වලා තියෙනවා. එතැන් සිට ඔහිය සිට බදුල්ල දක්වා වැටි ඇති දුම්රිය මාර්ගයේ බිං ගෙවල් හා දුම්රිය මාර්ගයේ ගලින් බඳින ලද බැමි සැකසීමට පී. කේ. අප්පුහාමි දායක වුණා කියලා තමයි කියන්නේ.ඒ විතරක් නෙවෙයි ඔහු  සුදු ජාතික ඉංජිනේරුවරයාගේ විශ්වාසවන්තම සේවකයා බවට ද පත්වෙලා තියෙනවා

පී.කේ. අප්පුහාමි මහතාගේ එම  කථාව ඔහුගේ මුනුපුරෙකු වන කැප්පෙටිපොළ කරගහඇල්ල සිරි වෙද මැදුරේ පදිංචි ආර්. එම්. පියතිලක (46) මහතා කියලා තියෙන්නේ මේ විදිහට

“ පී. කේ. අප්පුහාමි සීයාගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ආර්. එම්. අප්පුහාමි කියායි. දුම්රිය මාර්ගයේ වැඩට එක්වීමෙන් පස්සේ පී. කේ. අප්පුහාමි යන නම සුදු ජාතිකයන් පටබැඳ තිබෙනවා. අන්තිමට අපේ සීයා ජනපි‍්‍රය වුණේ පී. කේ. අප්පුහාමි බාස් නමින් කීවොත් හරි.

අපේ සීයා 1885 දී පමණ ඉපදී තියෙනවා. ඔහු මියගොස් ඇත්තේ 1951 දියි.

සීයා කිසිදාක පාසල් ගොස් නැති උනත් ගොවිතැන් කටයුතු සිදුකර තිබෙනවා. එසේම ඔහු යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් දක්ෂකමක් දක්වා තිබෙනවා.

අපගේ සීයා මළ පොතේ අකුරක්වත් නොදන්නා වුණත් ඔහු අපගේ වැඩිහිටියන් සමඟ දුම්රිය මාර්ගය සැකසීම ගැන විස්තර කථා කර තිබෙනවා. අපේ එදා හිටිය ඉගෙන ගත් වැඩිහිටියන් එම කථාව ඔවුනට හැකි අයුරින් ලියාගෙන තිබෙනවා. එලෙසින් ලියා ඇති කථාවලට අනුව ඇල්ල සිට දෙමෝදර අතර ඉදිකර ඇති ආරුක්කු 09 පාලම ගැන විශේෂයි.

මොකද සීයා සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි යොදමින් ඉදිකර තිබෙනවා.

මෙසේ මාර්ගය ඉදිකරමින් යන අතරතුර ඇල්ල හා දෙමෝදර අතර කඳු දෙකක් අතර විශාල හිඩැසක් තිබි තියෙනවා. එම හිඩැස විශාල මඩ වගුරක් ලෙසින් පැවති තියෙනවා. එනිසා සුදු ජාතික ඉංජිනේරුවරයා කඳු දෙක යා කරමින් යකඩ පාලමක් ඉදිකිරීමට සැලසුම් කරලා. මෙම යකඩ පාලම එංගලන්තයේ සිට රැගෙන ඇවිත් තියෙනවා. නමුත් පාලම කඳු දෙක යා කිරීමට තරම් දිග මදිවී තිබෙනවා.

පාලම දිගින් අඩුවීම නිසා සුදු ජාතික ඉංජිනේරුවරයා මුහුණ දී ඇත්තේ බරපතළ ගැටලුවකට. මෙයට විසඳුමක් සොයා ගන්න නොහැකිව සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසා ගන්න තත්ත්වයක් දක්වා ගැටලුව දුරදිග ගිහිල්ලා.

අන්තිමට ඉංජිනේරුවරයා අපේ සීයා ගෙන් අහලා තියෙනවා පී. කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. සීයා කියා තිබෙනවා සේවකයෝ ලබා දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහල කරලා. සීයා කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා.

ඉංජිනේරුවරයා සීයාට අවශ්‍ය සේවකයෝ ලබාදීලා. සීයා කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍ර වීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු 09 ක් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා තිබෙනවා.

දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදිකළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා සීයාට කීයා තිබෙනවා.

සීයා පවසා ඇත්තේ ප්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ප්‍රධාන ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී සීයා සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා සීයා බදාගෙන සිය සතුට ප්‍රකාශ කර තියෙනවා.

අපගේ සීයාගේ මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු 09 පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තියෙනවා. මෙයට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට සීයාට රිදී කාසි පුරවන ලද මළු 08 ක් තෑගි කර තිබෙනවා.ඒ රිදි කාසි මළු අට සීයා ගමට ගෙනල්ලා තියෙන්නේ ගැල් 4 කින්. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර තිබෙනවා. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් තෑගි කර තිබෙනවා.

සමහරක් අය දෙමෝදර ආරුක්කු 09 දුම්රිය පාලම හැදුවේ සුදු ජාතිකයන් බවට හඳුන්වා දීමට උත්සාහ දැරීම වැරදියි මළපොතේ අකුරක් නොදත් ගමේ පුද්ගලයකු කඳු දෙකක් යා කරමින් නිර්මාණය කළ පාලමක් බව ඔවුන්ට පැවසීමට කැමතියි. ආර්. එම්. පියතිලක මහතා අවසාන වශයෙන් පැවසීය.

අද දෙමෝදර දුම්රිය ස්ථානය හරහා බදුල්ලට යන කාටත් ඒ දුම්රිය ස්ථානයේ  දැන්වීම් පුවරුවේ මේ පී.කේ අප්පුහාමි බාස්  ගේ ඡයාරූපයක් දකින්න පුළුවන්.

The post Demodara Nine Arch Bridge Ella Sri Lanka appeared first on imagesrilanka.com.


Viewing all articles
Browse latest Browse all 291

Trending Articles